කොවිඩ් ව්‍යාප්තියත් සමග දැඩි පීඩාවට පත්ව සිටින ඉන්දියාවේ ළමයින් අතර පැතිර යන තවත් රෝගයක් පිළිබද වාර්තා වනවා.
උතුරු ඉන්දියාවේ කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ ළමයින් අතර බහු ඉන්ද්‍රීය ඉදිමීම හෙවත් එම් අයි එස් සී රෝගී තත්ත්වයට ගොදුරු වූ 100 කට වැඩි පිරිසක් හමුවූ බව සෞඛ්‍ය අංශ පවසනවා.
අවුරුදු 4 සහ 18 යන වයස් කාණ්ඩයේ පසුවන ළමයින් අතර මෙම රෝගී තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ළමයින්ගේ වකුගඩු, පෙනහළු සහ මොළයට ද බලපෑම් එල්ල විය හැකි බවයි ඉන්දීය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ.
The post කොවිඩ් වයිරසයෙන් පීඩා විඳින ඉන්දියාවේ ළමයින් අතර පැතිර යන තවත් රෝගයක් appeared first on ITN News.
Post a Comment