Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමෙරිකාව නැවතත් කොරෝනා මූලාරම්භය සෙවීම චීනය හෙළා දකී  

Add comments

අමෙරිකාව නැවත වතාවක් කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබද සෙවීමට කටයුතු කිරීම චීනය හෙළා දැක තිබෙනවා.

ලොව පුරා බිලියන සංඛ්‍යාවකට ජීවිත අහිමි කළ කොරෝනා වෛරස් ව්‍යාප්තියේ මූලාරම්භය ගැන කඩිනම් වාර්තාවක් සපයන්නැයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් එරට බුද්ධි අංශ වෙත ඊයේ නියෝග කළා.

සිය දේශපාලන අරමුණු මත තම රටට එරෙහිව මෙවැනි චෝදනා එල්ල කරන බවයි චීනය පවසන්නේ.

2019 වසරේ අග භාගයේ චීනයේ වුහාන් නගරයෙන් මුලින්ම සොයා ගැණුනු කොරෝනා වෛරසය එහි පරීක්ෂණාගාරයකින් අහම්බෙන් නික්මුණේද යන්න පිළිබද යළි සැක මතුවීමත් සමගයි ඇමරිකා ජනාධිපතිවරයා එරට බුද්ධි අංශ වෙත ඊයේ දිනයේදී අදාළ නියෝග නිකුත් කර තිබෙන්නේ.

The post අමෙරිකාව නැවතත් කොරෝනා මූලාරම්භය සෙවීම චීනය හෙළා දකී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG