Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෝ බයිඩ්න් කොරෝනා මූලාරම්භය ගැන බුද්ධි අංශ වලින් වාර්තාවක් ඉල්ලයි  

Add comments

කොරෝනා වයිරස් ව්‍යාප්තියේ මූලාරම්භය ගැන කඩිනමින් වාර්තාවක් සපයන්නැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් එරට බුද්ධි අංශ වෙත නියෝග නිකුත් කර තිබෙනවා.

2019 වසරේ නොවැම්බර් මාසයේ වූහාන් වයිරස් පරික්ෂණාගාරයේ සාමාජිකයන් 3 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමේ සිද්ධියක් පිලිබදව ඇමෙරිකානු බුද්ධි වාර්තාවක් මගින් හෙළි කර තිබුණා. වයිරසය පරික්ෂණාගාරයෙන් නික්මුණු බවට වන මතය සමාජගත වූයේ ඒ අනුවයි එම මතය චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අතර වයිරස ව්‍යාප්තිය ගැන තම රටට චෝදනා එල්ල කිරීම බටහිර කුමන්ත්‍රණයක් ලෙස ඔවුන් හැදින් වූවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී හෙළි වූයේ වයිරස් ව්‍යාප්තිය ස්වභාවිකව සත්වයන්ගෙන් මිනිසුන්ට සංක්‍රමණය වූවක් විය හැකි බවයි. නමුත් චීනය විමර්ශන කටයුතු සදහා පූර්ණ සහයෝගයක් නොදැක් වූ බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

 

 

 

*****සමන්තිකා /අසංක  / 01.00 ()

 

 

 

 

The post ජෝ බයිඩ්න් කොරෝනා මූලාරම්භය ගැන බුද්ධි අංශ වලින් වාර්තාවක් ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG