අයහපත් කාලගුණයත් එක්ක වයඹ වෙරළ තීරයේ ස්ථාන රැසක්ම ඛාදනයට ලක්වුණා. හානියට පත් වෙරළ තීරයේ ඛාදනය වලක්වාලන්න විශේෂ වැඩපිළිවෙළක් මේ වෙනකොට ආරම්භ කර තිබෙනවා.
පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණයත් සමග මුහුදු රළ රළු වීමෙන් වයඹ වෙරළ තීරයේ ස්ථාන රැසක් බරපතල ලෙස ඛාදනයට ලක්වුණා.
ඉන් හලාවත වැල්ල මුහුදු තීරයේ කිලෝ මීටරයකට ආසන්න ප්‍රදේශයක් බරපතල ලෙස ඛාදනය වූ අතර නිවාස දහයකට පමණ හානි සිදුවුණා.
අඛණ්ඩව සිදුවන මෙම හානිය වලක්වාලීම සදහා වැලිකොට්ට අතුරා ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම හලාවත පොලිස් අධිකාරි කාර්යාලයේ මැදිහත්වීමෙන් සිදුවුණා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ මහතාගේ උපදෙස් මත එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර ප්‍ර දේශයේ ජනතාවට අවශ්‍ය පිරිසිදු පානීය ජලය සැපයීම ද සිදුවන්නේ පොලිසියේ මැදිහත්වීම මතයි.
The post හානියට පත් වෙරළ තීරයේ ඛාදනය වලක්වාලන්න විශේෂ වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment