Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයේ රැඳී සිටිමින් පලස්තීනයට සහාය පළ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක්  

Add comments

ඊශ්‍රායල පලස්තීන ගැටුම්වලදී ඊශ්‍රායලයේ රැඳී සිටිමින් පලස්තීනයට සහාය පළ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ඊශ්‍රායලය පවසනවා.

මේ වන විට දෙරට අතර සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගිය දින කිහිපයේ ඊශ්‍රායලයේ රැඳී සිටි පලස්තීන ජාතිකයන් බොහෝ පිරිසක් ඊශ්‍රායලයට එරෙහිව විරෝධතා පැවැත්වීමට කටයුතු කළා. එම පිරිස් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ඊශ්‍රායලය සූදානම් බවයි වාර්තා වන්නේ. මේ වන විටත් එලෙස 1550 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙරට අතර පැවති ගැටුම්වලින් පලස්තීන ජාතිකයන් දෙසීය තිස් දෙදෙනෙකු මිය ගියා. ඒ අතර කුඩා දරුවන් 65 දෙනෙකු ද වනවා. දින 11 ක් පැවති ගැටුම්වලින් තුවාල ලැබූ සංඛ්‍යාව 1900කට අධිකයි.

 

 

The post ඊශ්‍රායලයේ රැඳී සිටිමින් පලස්තීනයට සහාය පළ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG