කරාතේ සහ ටෙනිස් ක්‍රීඩාවන්ගේ දියුණුවට ගිවිසුම් අත්සන් කිරීම නාමල් රාජපක්‍ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වුණා.
ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ අපේක්‍ෂාවෙන් මෙරට කරාතේ හා ටෙනිස් ක්‍රීඩා ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ගිවිසුම්වලට එළඹීම සිදුවුණා. ඒ ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය සමඟ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සහ ටෙනිස් සංගමය සමඟ එම සංගම් මූලස්ථානයේදීයි. අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි එම ක්‍රීඩාවන් හි උසස් එක් අවුරුදු දක්‍ෂතා ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් ගත වීම මෙන්ම මූල්‍ය ප්‍රදානයන් කිරීම ද මෙහිදී සිදුවුණා. කරාතේ දෝ සංගමයට රුපියල් දෙකෝටි තුන්ලක්‍ෂයක් හා ටෙනිස් සංගමයට රුපියල් එක්කෝටි අනූහතර ලක්‍ෂ හැට හතර දහසක මුදලක් ද ප්‍රදානය කෙරුණා.
The post කරාතේ සහ ටෙනිස් ක්‍රීඩාවන්ගේ දියුණුවට ගිවිසුම් අත්සන් කෙරේ appeared first on ITN News.
Post a Comment