ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නගරයේ දොළොස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 152 නෙකු අතුරුදන් බවයි වාර්තා වන්නේ.
පසුගිය සිකුරාදා දින කඩා වැටීමට ලක්වූ ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයින් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. කණ්ඩායම් 6 කට අයත් සිය ගණනක පිරිසක් අතුරුදන්වූ පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුම් සිදු කරනවා. කඩා වැටීමට ලක්ව ඇත්තේ නිවාස සංකීර්ණයක් වන අතර ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ පදිංචිකරුවන් නින්දේ පසුවූ බවයි වාර්තා වන්නේ. 1980 වසරේ ඉදිකළ මෙම ගොඩනැගිල්ල මියාමි වෙරළට මුහුණලා පිහිටා ඇති අතර අනතුරෙන් එහි නිවාස ඒකක 130 කට පමණ හානි සිදුවී ඇති බව පැවසෙනවා.
The post ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 09ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment