වසර 10 කට පසු කුවෙට් රාජ්‍යය පකිස්ථාන ජාතිකයින්ට වීසා නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ව්‍යාපාරික සහ පවුල් වීසා බලපත්‍ර නැවත ලබා ගැනීමට පකිස්ථාන ජාතිකයින්ට අවස්ථාව හිමි වනවා. පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයිඩ් රෂීඩ් සහ කුවෙට් අග්‍රාමාත්‍ය සබා අල් කලීඩ් අල් සබා හමුවී කළ සාකච්ඡාවකින් අනතුරුව කුවෙට් රජය මෙම තීරණය ගෙන තිබෙනවා.
තෙල් සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථාවන් සංඛ්‍යාවක් පකිස්ථාන ජාතිකයින්ට ලබා දීමට කුවෙට් රාජ්‍යය එකගත්වය පළ කර තිබෙනවා.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව හිමි වූ බවයි පැවසෙන්නේ.
The post වසර 10කට පසු කුවෙට් රාජ්‍යය පකිස්ථාන ජාතිකයින්ට වීසා නිකුත් කිරීම අරඹයි appeared first on ITN News.
Post a Comment