ජර්මනියේ සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධියෙන් තවත් පස් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. 24 හැවිරිදි සෝමාලියානු ජාතික සංක්‍රමණික තරුණයෙක් මෙම සිද්ධියට සම්බන්ධ බවයි පැවසෙන්නේ. ඔහු මානසික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදි මෙම පිහි ඇණුම සිදු කර තිබෙනවා.
සිද්ධිය අතරතුරදී ලැබුණු තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානයට පැමිණ ඔහුගේ පාදයකට වෙඩි ප්‍රහාර එල්ල කොට ඔහු පාලනය කළ බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා ද රෝහල්ගත කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ.
The post ජර්මනියේ සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment