Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහවැලි ඩී කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනයකර ජනතා අයිතියට  

Add comments

මොරගහකන්ද ජලාශය යටතේ සංවර්ධනය කෙරෙන මහවැලි ඩී කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනයකර ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවූ ජනතාව පදිංචි කළ මැදිරිගිරිය බිසෝපුර නගරය මෙන්ම අවට ගම්මානවල ජනතාවගේ පහසුව වෙනුවෙන් සංවර්ධන කාර්යයන් රැසක් සිදුකර තිබෙනවා. ඒ අනුව ඉදිකළ හෙළබොජුන්හල මෙන්ම පොදු බස්නැවතුම්පොල ජනතා අයිතියට පත්කෙරුණා.

ජනතාවගේ ගමනාගමනය සදහා බස් රථ භාරදීම ද අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 33 ක් වැයකර තිබෙනවා.

සිරිපාල ගම්ලත් රොෂාන් රණසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

 

The post මහවැලි ඩී කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනයකර ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG