ඔක්සිජන් දේශීයව නිශ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා අක්කර 25 ක ඉඩමක් ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ලබාදීමට අදාළ ගිවිසුමට අද අත්සන් තැබුණා.
ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදී කොරෝනා ව්‍යාප්තියත් සමග රෝගීන්ට අවශ්‍ය කෙරෙන ඔක්සිජන් මෙරටදීම නිෂ්පාදනය කිරීමට තීරණය කෙරුණා. ඒ අනුවයි නව කර්මාන්ත ශාලාව ඉදි කෙරෙන්නේ. රජයේ තක්සේරුකරුගේ තක්සේරු වටිනාකමට අනුව මෙම ඉඩම වෙනුවෙන් අත්තිකාරම් මුදල ලෙස රුපියල් මිලියන 500ක් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත ලබාදුන්නා. කෙරවලපිටිය ප්‍රදේශයේ මෙම ඔක්සිජන් නිශ්පාදනය හා බෙදාහැරීමේ ජාලය පිහිටුවීමට ලිට්රෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
The post ඔක්සිජන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ලිට්රෝ සමාගමට අක්කර 25 ක් appeared first on ITN News.
Post a Comment