අනතුරට පත් සිංගප්පූරු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමේ මෙහෙයුම් මේ වන කොට නතර කරලා තියෙනවා. ඒ නෞකාවේ පසුපස කොටස මුහුදු පතුලේ ගැටීම හේතුවෙන්. මේ අතර සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසන්නේ නෞකාවේ තෙල් කාන්දුවක් පිළිබද මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැති බවයි.
සිංගප්පූරු සමාගමකට අයත් එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරටට පැමිණියේ ඉන්දියාවේ හසීරා වරායේ සිටයි. එහි බහලුම් 1486 ක් ගබඩා කර තිබුණා. අනපේක්‍ෂිත ලෙස මෙම නෞකාවේ ගින්නක් හට ගත්තේ පසුගිය 20 වනදායි. එය නිවා දැමීමට මෙරට හා විදේශීය නාවික අංශ උත්සාහ කළ ද එය සාර්ථක වුණේ නැහැ.
මේ අතර නෞකාව සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේ අනතුරට පත් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව එම මෙහෙයුම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පසුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් නෞකාව තුළට මුහුදු ජලය පිරෙමින් පවතින බව ඊයේ පස්වරුවේ හදුනා ගැනුණා.
නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ කොළඹ වරායේ සිට නාවික සැතපුම් 9 යි දශම 5 ක පමණ දුරකින්. ඒ හේතුවෙන් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය දැනුවත් කර තිබුණේ මෙරට මුහුදු කලාපයේ බටහිර දෙසට නාවික සැතපුම් 50 ක් පමණ දුරට නෞකාව රැගෙන යන ලෙසයි. එහෙත් එම උත්සාහය මේ වන විට ව්‍යර්ථවී තිබෙනවා. නෞකාවෙන් සිදු වූ පාරිසරික බලපෑම සාගර කලාපයේ කිලෝමීටර 75 ත් 80 ත් අතර ප්‍රමාණයකට බලපා ඇති බවයි එම අධිකාරිය සදහන් කරන්නේ.
සිදු වූ හානියෙන් බලපෑමට ලක්වූවන්ට වන්දි ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අනතුර වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වවලට නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.
The post ගිනි ගත් නෞකාව මුහුදු පතුලේ ගැටෙයි – ඇදගෙන යාම නවතයි appeared first on ITN News.
Post a Comment