පානදුර සිට කොළඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙසට ධීවර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති අපද්‍රව්‍ය මෙන්ම දැවී ගිය කොටස් යාත්‍රාවල ගැටීමේ අවදානමක් මතුවීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.
මේ අතර නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පරිසරයට සිදු වූ හානිය සොයා බැලීම සදහා නාරා ආයතනයේ විද්‍යාර්ථීන් කණ්ඩායමක් ජල සාම්පල ලබා ගැනීමට කටයුතු කළා. ඒ එම ආයතනයට අයත් සමුද්‍රිකා නෞකාව යොදා ගනිමින්.
The post පානදුර සිට කොළඹ හරහා කොච්චිකඩේ දක්වා මුහුදේ ධීවර කටයුතුවලින් වැළකී සිටින්න appeared first on ITN News.
Post a Comment