චිලී රාජ්‍යයේ දරුණු හිම කුණාටුවකට හසුවූ 27 දෙනෙකු මුදා ගැනීමට එරට පොලීසිය කටයුතු කර තිබෙනවා.
චිලී රාජ්‍යයේ ඇන්ටොෆැගස්ටා ප්‍රාන්තයේ කදුකර ප්‍රදේශයක සිරවී සිටි මෙම පිරිස් බේරා ගැනීමට පැය 20 කට අධික කාලයක් ගතවූ බවයි පැවසෙන්නේ.
මුහුදු මට්ටමේ සිට මීටර් 5000 ක් උසැති මෙම කදුකර ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 20 ක අගයක පවතිනවා.
දැඩි අන්ධකාරයෙන් යුතු කාලගුණික තත්ත්වය සහ හිම කුණාටුවේ ප්‍රබලත්වය හේතුවෙන් එම පිරිස මුදා ගැනීමේ කටයුතු වඩාත් අසීරු වූ බව සහන කණ්ඩායම් පවසනවා.
The post චිලී රාජ්‍යයේ දරුණු හිම කුණාටුවකට හසුවූ 27 දෙනෙකු මුදා ගනී appeared first on ITN News.
Post a Comment