ගොවිබිම්වල පසෙහි අඩංගු රසායනික තත්ත්වයන් පිළිබදව නිවැරදි තොරතුරු ලබා ගැනීම සදහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රසායනාගාර පහසුකම් ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. දැනට මෙම කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන අතර ගොවීන්ට තම ගොවිබිමේ පස් පරික්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඊට පහසුකම් ද සලසා දී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රසායනාගාර මගින් සිදුකළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ස්වභාවික වල් නාශකයක් හා පලිබෝධනාශකයක් නිපදවීමට ද සැලසුම් කර තිබෙනවා. කාබනික වගාව ප්‍රචලිත කිරීමේ දී වල් නාශක හා පලිබෝධනාශක ගැටලුවට විසදුම් ලබාදීම මෙහි අරමුණයි. මෙරට ආක්‍රමණික ශාක විශේෂ කිහිපයක් යොදා ගනිමින් සියයට සීයක්ම පරිසර හිතකාමී වල්නාශකයක් හා පලිබෝධනාශකයක් නිෂ්පාදනය කිරීමේ පර්යේෂණ සාර්ථක වුවහොත් එය දේශීය කෘෂිකර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.
The post භූවිද්‍යා හා පතල් කාර්යාංශයට රසායනාගාර පහසුකම් ලබා දෙන්නැයි ඇමතිගෙන් උපදෙස් appeared first on ITN News.
Post a Comment