Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරීක්ෂණ කටයුතු තවදුරටත්  

Add comments

ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් මෙන්ම ප්‍රධාන හා උප ප්‍රධාන ඉංජිනේරුවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නෞකාවේ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක්කර සිටින වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ පෙරවරුවේ පැමිණියා. එහිදී නෞකාවේ කපිතාන්වරයාගෙන් පැය 14 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් අතර ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 13 ක් හා උප ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 12 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකුයි විමර්ශන ක්‍රියාත්මක කරන්නේ. ඊට අදාළව විශේෂඥ මත හා සාක්‍ෂි ද ලබා ගැනීමට නියමිත අතර නීතිපතිවරයාගෙන් අද දිනයේදී වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මීගමුව මාඔයේ සිට පානදුර දක්වා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවීම වළක්වමින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. එසේ වුව ද අනෙකුත්  මුහුදු ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නිරතවීමට කිසිඳු ආකාරයක බාධාවක් නොමැති බව ධීවර දෙපාර්තමේන්තුව අවධාරණය කළා.

The post ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරීක්ෂණ කටයුතු තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG