Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරිසර හිතකාමී මඤ්ඤොක්කා ලන්ච්ෂීට්  

Add comments

මඤ්ඤොක්කා යොදා ගනිමින් පහසුවෙන් හා ඉක්මණින් දිරාපත්වන පරිසර හිතකාමී ලන්ච්ෂීට් හා ෂොපිං බෑග් නිෂ්පාදනයට තරුණ ව්‍යවසායකයන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටිනවා.

මඤ්ඤොක්කාවලින් නිපදවා ඇති මෙම ෂොපිං බෑග් හා ලන්ච්ෂීට් පහසුවෙන් විනාශ කළ හැකිවීම විශේෂත්වයක්. එම බෑග් මද උණුසුම් ජලයට දැමී විට විනාඩි කිහිපයකින් දිය වී යනවා. ඒ සදහා කිසිදු රසායනික ද්‍රව්‍යයක්ද අවශ්‍ය නොවීම විශේෂත්වයක්. එසේම සුළගට ගසා නොයාමද මෙහි ඇති විශේෂත්වයක් බවයි නිෂ්පාදකයන් පවසන්නේ.

මඤ්ඤොක්කාවලින් නිපද වූ පරිසර හිතකාමී ලන්ච් ෂීට් සහ ෂොපිං බෑග් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පරිසර අමාත්‍යාංශයේදී භාර දුන්නා. ඒ එහි නිෂ්පාදකයන් විසින්.

 

 

 

The post පරිසර හිතකාමී මඤ්ඤොක්කා ලන්ච්ෂීට් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG