ගම්පහ පොලිස් අපරාධ විමර්ශන ඒකකය සිදුකළ වැටලීමකදී මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු පසුගියදා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 91 ක් සමඟ අත්අඩංගුවට පත් වූ ධම්මික නැමැත්තාගේ සොහොයුරෙකු බවයි පොලීසිය පවසන්නේ. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කදාන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මෙම මත් ජාවාරම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment