කාලගුණික තොරතුරු රැස් කිරීමේ අරමුණින් චීනය තවත් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කර තිබෙනවා.
ෆෙන්යුන්ග් ෆෝබී නමින් හදුන්වන අභ්‍යවකාශ යානය අද උදෑසන චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ සිචැන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කර තිබෙනවා. මෙය චීනය අභ්‍යවකාශගත කළ 372 වැනි චන්ද්‍රිකාව ලෙසයි සැළකෙන්නේ. කාලගුණික වෙනස්වීම්, කාලගුණික අනාවැකි පලකිරීම්, පාරිසරික තත්ත්වයන් සහ විපත් නිරීක්ෂණය කිරීම මෙම චන්ද්‍රිකා මෙහෙයුමේ අරමුණ වී තිබෙනවා.
The post චීනය තවත් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරයි appeared first on ITN News.
Post a Comment