චීනය සහ මැලේසියාව අතර මත ගැටුම් උත්සන්න වී තිබෙනවා.
චීනය තම ගුවන් සීමා උල්ලංඝනය කළ බවට මැලේසියාව චෝදනා කරනවා. චීන ගුවන් හමුදාවට අයත් යානා 16 ක් තම ගුවන් සීමාවේ පියාසර කළ බවයි මැලේසියාව පවසන්නේ. මෙම ගුවන් යානා රහසිගත තොරතුරු රැස් කිරීමේ මෙහෙයුමක නිරත වූ බවට ද චෝදනා කරනවා. නමුත් චීනය පවසන්නේ තමන් ජාත්‍යන්තර නීතීන්ට අනුකූලව තම කටයුතු පවත්වා ගෙන යන බවයි. අදාළ යානා පසුගිය සදුදා මැලේසියානු ගුවන් අවකාශයේ පියාසර කර තිබෙනවා. එය තම ස්වෛරීත්වයට බරපතල තර්ජනයක් බවයි මැලේසියා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.
The post චීනය සහ මැලේසියාව අතර මත ගැටුම් උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment