කොරෝනා ව්‍යාප්තියේ බලපෑමට ලක්ව සිටින පවුල් සදහා රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම දිවයින පුරා ක්‍රියාත්මකයි. ව්‍යාපෘතිය වෙනුවෙන් රජය රුපියල් කෝටි 2236 කට අධික මුදලක් වැය කරනවා. නිවසටම ගොස් මෙම මුදල ලබා දීම විශේෂත්වයක්.
කොරෝනා තුන්වන රැල්ලත් සමග සංචරණ සීමා පනවමින් රෝගය ව්‍යාප්තිය පාලනය කිරීමට රජය පියවර ගත්තේ සෞඛ්‍ය අංශවල නිර්දේශ මතයි. මේ හේතුවෙන් බොහෝ පිරිසකට සිය ජීවනෝපාය අහිමි වුණා. ඒ පිළිබදව ද රජය කඩිනම් අවධානය යොමු කරමින් රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමට තීරණය කළා. ඒ අනුව වැඩිහිටි, සමෘද්ධි, ගොවි විශ්‍රාම හා ධීවර විශ්‍රාම වැටුප් ලබන පවුල් විසිතුන් ලක්‍ෂ හතළිස් නවදහස් හත්සිය අසූ එකක් සදහා රුපියල් කෝටි 660 කට අධික මුදලක් වැය කරනවා. එමෙන්ම සානුකම්පිත දීමනාව ගෙවන පවුල් 111669 ක් සදහා රුපියල් කෝටි 33 කට අධික මුදලක් රජය වෙන්කර තිබෙනවා.
දිස්ත්‍රික් ලේකම්වරුන් ලබා දී ඇති තොරතුරු අනුව සමෘද්ධි දීමනාව ලැබීමට සුදුසුකම් සහිතව ලේඛන ගතකර ඇති අඩු ආදායම්ලාභී පවුල් 883213 ක් සදහා මෙම ගෙවීම සිදු කිරීමට නියමිතයි. එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන් ලබා දී ඇති තොරතුරු අනුව ජීවනෝපාය අහිමි වීම මත තෝරාගෙන ඇති පවුල් සංඛ්‍යාව 1624906 ක් වනවා. දැනට ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත හෝ අදාළ මහ ලේකම් කාර්යාලවල පොරොත්තු ලේඛනවල වැඩිහිටි, ආබාධිත හා වකුගඩු දීමනා ලැබීමට තෝරාගෙන ඇති පවුල් 375325 ක් සදහා ද රුපියල් පන්දහසේ දීමනාව ගෙවීමට නියමිතයි. දිස්ත්‍රික් ලේකම්වරයා ලබා දී ඇති තොරතුරු අනුව අභියාචනාවලින් තෝරාගෙන ඇති පවුල් සංඛ්‍යාව 195473 ක් වනවා. රජයේ කිසිදු දීමනාවක් නොලබන හා නොමිලේ සේවා සපයන සුබසාධක ස්ථානවල ප්‍රතිලාභී ඒකක පන්දහසක් සදහා ද අදාළ ගෙවීම් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීම හේතුවෙන් ධීවර කටයුතු අහිමි වූ පවුල් සදහා ද පන්දහසේ දීමනාව ලබා දීම සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ග්‍රාම නිලධාරී වසම් 14033 ක ක්ෂේත්‍ර නිලධාරීන් එක්ව පන්දහසේ දීමනාව ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා ප්‍රකාශ කරන්නේ.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ රුපියල් 5000 දීමනාව ලබාදීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ වන විට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.
The post පන්දහසේ දීමනාව ලබා දීම දිවයින පුරා ක්‍රියාත්මකයි appeared first on ITN News.
Post a Comment