දිස්ත්‍රික් තුනක් සම්බන්ධ කෙරෙන පාදුක්ක බෝපේ උඩගම හරහා වැටී ඇති ගැටහැත්ත අවිස්සාවේල්ල මාර්ගය මඩකඩ ප්‍රදේශයෙන් නායයෑම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්ව සිටිනවා.
පසුගියදා ඇති වූ අධික වර්ෂාවත් සමග මෙම මාර්ගය ගිලා බැසීමට ලක් වුණා. ඒ හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි පීඩාවන්ට පත් වුණා. විශේෂයෙන් ප්‍රදේශයේ තේ රබර් ආදිය ප්‍රවාහනය කිරීමද ඇණහිට තිබෙනවා. ප්‍රදේශයේ ජනතාවට කුළී වැඩක් සදහා හෝ යාමට නොහැකි තත්ත්වයකුයි උද්ගත වී තිබෙන්නේ. මේ පිළිබද කිසිවෙකුගේත් අවධානය යොමු නොවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව විකල්ප මාර්ගයක් ඉදිකිරීමට පියවර ගත්තා. එහෙත් කඩිනමින් සිය මාර්ගය ඉදිකර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.
The post ගැටහැත්ත අවිස්සාවේල්ල මාර්ගය නායයෑම හේතුවෙන් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවක appeared first on ITN News.
Post a Comment