Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘත කෙරේ  

Add comments

මෙම මාසයට අදාළ මහජන ආධාර ගෙවීම්, ඖෂධ බෙදා හැරීම් ඇතුලු සීමිත රාජකාරි සදහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘතව තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මහජන ආධාර ආදී ගෙවීම් ලබා ගැනීමට පැමිණෙන අය අදාළ ගෙවීම් කාඩ්පත හෝ වැඩිහිටි හැදුනුම්පත ආරක්‍ෂක අංශ වෙත ඉදිරිපත් කර අදාළ තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත පැමිණිය හැකියි. නිවෙස්වල සිටින රෝගීන් සදහා රජයේ රෝහල්වල සායනවලින් නිකුත් කෙරෙන ඖෂධ බෙදා හැරීම ද තැපැල් දෙපාර්තමේන්තුව මගින් හෙට සිට සිදු කෙරෙනවා. 1950 කෙටි දුරකථන අංකය අමතා මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ.

 

 

 

The post දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG