පවතින කාලගුණය හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 02ක් සේම ඉගිනිමිතිය ජලාශයේ සුලු ප්‍රමාණයක් වාන් දොරටු විවෘත කිරීමේ සූදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා පැවසුවා.
මේ හේතුවෙන් එම ජලාශ අවට පහත් බිම්වල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
The post ජලාශ කිහිපයක වාන්දොරටු විවෘතයි – විමසිලිමත්වන්නැයි උපදෙස් appeared first on ITN News.
Post a Comment