Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඉන්දු – ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්  

Add comments

ගිලෙමින් පවතින එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාපති  හා නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීම සම්බන්ධයෙන් දෙරටේ නාවික හමුදාපතිවරුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වූයේ කොළඹ වරායේ සිට නාවික සැතපුම් 9.5ක පමණ දුරකින්. ඒ හේතුවෙන් මෙරට මුහුදු කලාපයේ බටහිර දෙසට නාවික සැතපුම් 50ක් පමණ දුරට නෞකාව රැගෙන යන ලෙසට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුවත් කර තිබුණා. එහෙත් එම උත්සහය ව්‍යවර්ථ වී තිබෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පසුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් නෞකාව තුළට මුහුදු ජලය පිරීම හේතුවෙනුයි මෙලෙස නෞකාව ගිලෙමින් පවතින්නේ.

කෙසේ වෙතත් දැනට නෞකාව පවතින ස්ථානයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. නෞකාවේ තෙල් කාන්දුවක් ඇති බවට තවමත් හඳුනාගෙන නැහැ. නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත නෞකා සමාගම දැනුම් දී ඇත්තේ එහි තිබූ ඉන්ධන ගින්නත් සමඟ දැවී ඇති බවට විශ්වාසය පළ කරන බවයි. කෙසේ වෙතත් එය තහවුරු කර ගැනීම සඳහා අදාල සමාගමේ මෙහෙයුම්වල නිරත කිමිදුම්කරුවන් කණ්ඩායමක් අදාළ නෞකාව පතුල පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බවද වාර්තා වනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ යම් හෙයකින් තෙල් කාන්දුවක් සිදු වුවහොත් එම තෙල් විසිරිය හැකි ප්‍රදේශ මේ වනවිට හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව තෙල් විසිරීම පාලනයට අවශ්‍ය පාවෙන බෝයාවන් ප්‍රමාණවත් ලෙස සූදානමින් තබා ඇති බවද එම අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද වරාය අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිතයි.

එස්ප්‍රස් පර්ල් නෞකාවේ සිටි සියලු  දෙනාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා .  මේ අතර එක්ස්ප්‍රස් පර්ල් මුහුදට මුසු වූ අපද්‍රව්‍ය ඉවත්කර වෙරළ තීරය පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් නිශ්පාදනය කිරීමට මෙරට ඉන්ජිනේරු වරයකු සමත් වුණා .ජීවන්ත බාලසූරිය නැමති මෙම ඉන්ජිනේරුවරයා නිර්මාණය කළ යන්ත්‍රය තුළින් වෙරළ තීරයේ අපද්‍රව්‍ය සියල්ල ඉවත්කළ හැකිබව වාර්තාවනවා .

 

The post පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඉන්දු – ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG