Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක සංකේත වැඩවර්ජනයක්  

Add comments

කොරෝනා ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ දී රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලවලට උද්ගතවී ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක සංකේත වැඩවර්ජනයක් පැවැත්වුණා.

කොරෝනා වයිරසයට ප්‍රතිකාර කරන කාලවකවානුව තුළ ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදීම, රෝහල් සේවකයින්ට කොරෝනා අතුරු දීමනාවක් ලබාදීම, කොරෝනා ආරක්ෂක ඇදුම් කට්ටල ලබාදීම රෝහල් කණිෂ්ඨ සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ටත් එන්නත් ලබාදීම ආදී ඉල්ලීම් 15 ක් මුල්කර ගනිමිනුයි මෙම සංකේත වැඩවර්ජනය පැවැත්වුණේ. වැඩවර්ජනය පැය 4 කට පමණක් සීමා වුණා. වෘත්තීය සමිති කිහිපයක් ද ඒ සදහා සහාය පළකළා.

ගාල්ල කරාපිටිය රෝහලේ සේවකයින් ද රෝහල ඉදිරිපිටදී අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත්වුණා.

 

The post ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක සංකේත වැඩවර්ජනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG