කොරෝනා වයිරස ව්‍යාප්තිය මධ්‍ය යේ නේපාලයට අයහපත් කාලගුණයෙන් ද පීඩා එල්ල වී ඇති බව වාර්තා වනවා.
නේපාලය කොරෝනා වයිරස දෙවන වටයේ ව්‍යාප්තියකට මුහුණ දී සිටින අතර මෝසම් වර්ෂාවත් සමඟ එරට ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රටපුරා නායයෑම් හා ගංවතුර තත්ත්වයක්ද හටගෙන තිබෙනවා. පුද්ගලයින් දහසය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 11 ක්. තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ. නිවාස සියයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එරට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
The post අයහපත් කාලගුණයෙන් නේපාලයට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment