කොරෝනා උවදුරෙන් රට ආරක්ෂා වේවායි ප්‍රාර්ථනයෙන් රතන සූත්‍රය එක්දහස් අට වරක් සජ්ජායනා කරමින් ආරම්භ කළ පිරිත් සජ්ජායනා ධර්ම චාරිකාව සාර්ථකව අවසන් කෙරුණා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් හා පානදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රීමහා විහාර බෞද්ධ මහා සංගමය මගිනුයි මෙය සංවිධාන කළේ. සෙත් පිරිත් සජ්ජායනා කෙරෙන රථ පෙරහැර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය අසලින් අවසන් කෙරුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ ලේකම් ආචාර්ය විමල් ගීගනගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.
රාජගිරිය ජනාධිපති විද්‍යාලයීය සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ සංවිධායකත්වයෙන් හා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ බැතිබර දායකත්වයෙන් ආගමික වැඩසටහන් මාලාවක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා. ධර්ම දේශනා, මාපිය වන්දනා වැඩසටහන් ආදිය මෙයට ඇතුළත් වුණා. විදුහල්පති ඩී ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා.
The post කොරෝනා උවදුරෙන් රට ආරක්ෂා වේවායි පතමින් ආරම්භ කළ පිරිත් සජ්ජායනා ධර්ම චාරිකාව අවසන් appeared first on ITN News.
Post a Comment