Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්ස්ප්‍රස් පර්ල් ශ්‍රී ලංකාවට පැමිණි ආකාරය පිළිබඳ විධිමත් විමර්ශනයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්  

Add comments

ගිනි ගත් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ආකාරය  පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොණු කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සහ ධීවරයින් පිරිසක් විසිනුයි ඒවා ගොනු කර ඇත්තේ.

වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවිර යන මහත්වරුන්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය මෙහි වගඋත්තරකාර පාර්ශව ලෙස නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ, නෞකාව ගිනි ගැනීමෙන් එහි ප්‍රවාහනය කරමින් තිබු අති විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදු ජලයට එක්වීමෙන් ප්‍රබල පාරිසරික හානියක් සිදුව ඇති බවයි.

ජීවන වෘත්තිය අහිමි වූ ධීවර ජනතාවට සුදුසු වන්දියක් ගෙවීමට බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති පෙත්තස්මකරුවන් මෙරට මුහුදු සීමාව තුළ සිදුවන එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා විදිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට බලධාරීන්ට නියෝග කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

The post එක්ස්ප්‍රස් පර්ල් ශ්‍රී ලංකාවට පැමිණි ආකාරය පිළිබඳ විධිමත් විමර්ශනයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG