Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ අද සිට  

Add comments

රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව, රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට මාස 02 ක් සඳහා අවශ්‍ය බෙහෙත් වට්ටෝරු, වෙන වෙනම පාර්සල් කර, තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසටම ලබා දීමටයි සැලසුම් කර  තිබෙන්නේ.

රෝගීන් ලියාපදිංචි කිරීමේ දී රෝහල වෙත ලබා දී ඇති ලිපිනයට මෙම බෙහෙත් වට්ටෝරු බෙදා හරින බැවින්, ලියාපදිංචියේ දී ලබා දී ඇති ලිපිනය වෙනස් වී ඇත්නම් ඒ පිළිබඳව අදාළ රෝහල දැනුවත් කළ යුතු වනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත දුරකතන අංක ඔස්සේ ලබා ගත හැකියි.

072 072 07 20

072 060 60 60

The post සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ අද සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG