එන්නත්කරණ වැඩසටහන තවදුරටත් සාර්ථකව සිදු වනවා.
කෝවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩිසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට නව ලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිස් දෙදෙනෙකුට ලබාදී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව තුන් ලක්ෂ හතලිස් හත් දහස් තුන්සිය දහ දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හත් ලක්ෂ තිස් නව සහස් හාරසිය අනූ නව දෙනෙකුට ලබාදී තිබෙනවා. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ද ඊයේ රාත්‍රී 08.30 වන විට පුද්ගලයන් 26,821 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.
මෙතෙක් කොරෝනා එන්නත් කිසිඳු ආයතනයකට හෝ සංවිධානයකට ලබාදී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.
මේ මාසය තුළදී ශ්‍රී ලංකාවට විශාල කොරෝනා එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. කිසිවෙකුත් සියලු දෙනාට එන්නත් ලබාදීම සිදුවන බැවින් ඒවා මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.
The post එන්නත්කරණ වැඩසටහන තවදුරටත් සාර්ථකව ක‍්‍රියාත්මකයි appeared first on ITN News.
Post a Comment