Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලන්ච්ෂීට් හා සිලිසිලි බෑග් තහනම් කිරීම මේ වසර තුළදීම  

Add comments

ලන්ච්ෂීට් වගේම ෂොපින් බෑග් මේ වසර තුළදී තහනම් කරනවා කියලා පරිසර ඇමති මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා.

පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක් වූ අමාත්‍යවරයා කියා සිටියේ මයික්‍රෝන 20 ට වඩා අඩු ලන්ච්ෂීට් තහනම් කරන ලෙස ඉල්ලීම් කළද එම ලන්ච්ෂීට් හදුනා ගැනීම නිෂ්පාදන සමාගම්වලට පවා අපහසු බවයි. එමෙන්ම සිලිසිලි බෑග් වැඩි වශයෙන් පරිසරයට එක්වීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතිනවා. මේවාට විකල්ප නිෂ්පාදන පිළිබද යෝජනා ඉදිරිපත් වී ඇති බැවින් ඒ කෙරෙහි අවධානය යොමු කර අදාළ තහනම් කිරිම සිදු කරන බවයි අමාත්‍යවරයා සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ. මෙම විකල්ප නිෂ්පාදනවලට අදාළ තාක්ෂණය අවශ්‍ය අයට ලබාදීමටද ඒවායේ අයිතිකරුවන් කැමැත්ත පළ කර තිබෙනවා.

 

 

 

The post ලන්ච්ෂීට් හා සිලිසිලි බෑග් තහනම් කිරීම මේ වසර තුළදීම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG