Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන බොහෝ වගාවන් සාර්ථක වෙයි  

Add comments

කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන බොහෝ වගාවන් මේ වන විටත් සාර්ථක වී ඇති බව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා.

සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් නිරෝගිමත් ජාතියක් නිර්මාණය කර ගැනීම සදහා රජය කාබනික පොහොර භාවිතයෙන් වගාවන් සිදු කිරීමට පියවර ගත්තා. ඒ අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ සාර්ථක කාබනික වගාවන් පිළිබද තොරතුරු වාර්තා වනවා.

මඩකලපුව ආරයම්පති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොහෝ ගොවීන් මෙසේ කාබනික පොහොර භාවිතයෙන් අතුරු බෝග වගා කර තිබෙනවා. කාබනික පොහොර භාවිත කිරීම තමන්ට ගැටලුවක් නොවන බවයි ගොවීන් පවසන්නේ. එමෙන්ම බොහෝ ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනයටද පෙළඹී සිටිනවා. මඩකලපුව කිරාන් ප්‍රදේශයේ වී වගාවේ නිරත ගොවීන්ද තමන්ට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කරනවා.

කාබනික පොහොර භාවිතයෙන් මල් වගාවද සාර්ථක කර ගත හැකි බව බණ්ඩාරවෙල, මල්වත්ත ප්‍රදේශයේ මල් වගාකරුවන් දැනටමත් තහවුරු කර තිබෙනවා. ඇන්තූරියම්, ඕකිඩ් වැනි මල් වර්ග පවා මෙසේ වගා කළ හැකි බවයි මල් වගාකරුවන් පවසන්නේ. උපාධිධාරිනියක වන වසන්ති මංගලිකා මහත්මිය දැනටමත් කාබනික පොහොර හා කාබනික දියර පොහොර භාවිතයෙන් මහා පරිමාණයෙන් මල් වගාව සිදු කරනවා.

 

 

 

මේ අතර කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය ඇතුළු කටයුතු වෙනුවෙන් නියාමන අධිකාරියක් පත් කළ යුතු බව සුරකිමු ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර ස්වාමීන් වහන්සේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

 

 

The post කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන බොහෝ වගාවන් සාර්ථක වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG