Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ වැඩිම ආසාදිතයින් පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනේ  

Add comments

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 1867 දෙනෙකු හඳුනා ගැනුණා. මේ අතුරින් සිය දෙනෙකුම විදේශයන්හි සිට මෙරටට පැමිණි අයයි. ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් පිරිසක් හමු වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 378 ක් වනවා. ගම්පහින් 344 දෙනෙකුද ,කොළඹින් 271 දෙනෙකුද හමු වී තිබෙවා. මේ අනුව මෙරටින් හමු වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 253,618ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඒ අතුරින් 218,998 දෙනෙකු සුවය ලැබුවා. ආසාදිතයන් 31,715 දෙනෙකු තවදුටත් ප්‍රතිකාර ලබනවා.

මේ අතර හුදකලා කර ඇති වැලිමඩ හුලංකපොල්ල ග්‍රාමනිලධාරි වසමෙන් තවත් කොරෝනා ආසාදිතයන් පහළොස් දෙනෙකු හඳුනා ගැනුණා. මෙම ග්‍රාම නිලධාරි වසමෙන් කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු පසුගියදා හඳුනා ගැනීමත් සමඟ එය හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් අලුතින් කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

The post ඊයේ වැඩිම ආසාදිතයින් පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG