එන්නත් ලබාදීමේ වැඩසටහන් කිහිපයක් මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකදීම කියාත්මක වනවා.
බත්තරමුල්ල අරුක්පිටිය බටපොත ආසිරි උයන යන කොට්ඨාසවල වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද ආරම්භ කෙරුණා. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙය සංවිධාන කර තිබෙනවා.
අත්තනගල්ල හැවනිවල විහාරස්ථානයේදී ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාද මෙහි ආරම්භක අවස්තාවට එක් වුණා.
මේ වන විට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925242නෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 372899ක් වනවා. සයනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1565521 දෙනෙකු ලබා ගත්තා. එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පිරිස 513195ක් වනවා. ස්පුට්නික් වි එන්නතේ පළමු මාත්‍රාව 114795 දෙනෙකු ලබාගෙන ඇති අතර දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 14425ක් වනවා.
The post එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථකව appeared first on ITN News.
Post a Comment