භාවිතයට නොගෙන අතහැර දමා ඇති යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ පිහිනුම් තටාකය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසට කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිතර වුණා.
යාපනය මධ්‍ය මහ විද්‍යාලයට පැමිණි අමාත්‍යවරයා මෙම පිහිනුම් තටාකය පිළිබද සොයා බැලුවා. පරිසරයට ගැලපෙන පරිදි මෙය යළි ප්‍රතිසංස්කරණය කරන ලෙසට අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. නාමල් රාජපක්ෂ මහතා ඉන් අනතුරුව ගමන් කළේ ඉන්දීය මූල්‍යාධාර යටතේ ඉදිකළ යාපනය මධ්‍යම සංස්කෘතික මධ්‍යස්ථානය වෙතටයි. රුපියල් බිලියන දෙකයි දශම දෙකක වියදමෙන් මෙම මධ්‍යස්ථානය ඉදි කෙරෙනවා. මහල් දොලහකින් සමන්විත මෙහි එකවර හයසිය දෙනෙකුට අසුන්ගත හැකි රැස්වීම් ශාලාවක් ද පවතිනවා. තවත් බොහෝ පහසුකම්වලින් සමන්විත වන ලෙසටයි මෙය ඉදි කෙරෙන්නේ.
The post ක‍්‍රීඩා ඇමති යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.
Post a Comment