Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති නිවසේ සිට සිල් සමාදන් වෙයි  

Add comments

පොසොන් පොහෝදා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ කොරෝනා ව්‍යසනය මධ්‍යයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නිවසේ සිට සිල් සමාදන් වුණා.

කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන්නැයි දුන් උපදෙස් අනුව යමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන තංගල්ල කාල්ටන් නිවසේදී සිල් සමාදන් වුණා. තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ පේමානන්ද ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් මෙහෙයවූවා.

ස්වාධීන රූපවාහිනී සවණක් රැස් වැඩසටහන නරඹමින් අග්‍රාමාත්‍යවරයා ඒ සමගද එක් වුණා. ස්වාධින රූපවාහිනිය සෑම පොහොයදාකම විකාශය කරන සවණක් රැස් වැඩසටහන මෙවර ගෙන එනු ලැබුවේ සිතුල්පව්ව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමිනුයි. ලක්හඩ ගුවන් විදුලියේ ශාසනාලෝක වැඩසටහනද සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. ස්වාමීන් වහන්සේ වෙත දහම් ග්‍රන්ථ කට්ටල පූජා කිරීම මෙහිදී සිදු වුණා.

 

 

The post අගමැති නිවසේ සිට සිල් සමාදන් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG