විදුලියෙන් ක්‍රියාත්මක කරන රථ වාහන ප්‍රචලිත කිරීමේ පළමු පියවර ග්‍රීසි රජය අද ආරම්භ කළා.
කාබන් විමෝචනයෙන් තොර මෝටර් රථ ධාවනය ග්‍රීසියේ ඇස්ටිපර්ලියා දිවයින තුළ අද ආරම්භ කළා. පරිසර හිතකාමී හරිත ලෝකයක් නිර්මාණය කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට සහයෝගය දැක්වීමේ පළමු පියවර ලෙසයි මෙම පියවර ගැනීමට ග්‍රීසි රජය අද කටයුතු කළේ. වෝක්ස් වැගන් සමාගම මේ සදහා අනුග්‍රාහකත්වය ලබා දී තිබෙනවා. මෙහි සමාරම්භක උත්සවය සදහා ග්‍රීක අග්‍රාමාත්‍ය රියාකොස් මිට්සෝටකිස් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුණා. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ද මෙම ක්‍රියාදාමය තුළ ප්‍රචලිත කිරීමට කටයුතු කෙරෙන බවයි ග්‍රීක අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
The post විදුලියෙන් ක්‍රියා කරන රථ වාහන ප්‍රචලිත කිරීමේ පළමු පියවර ග්‍රීසිය අරඹයි appeared first on ITN News.
Post a Comment