ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජම්මු කාශ්මීර දේශපාලන නායකයින් අතර හමුවක් ඊයේ දිනයේදී නවදිල්ලි අගනුවර පැවැත්වුණා.
ඉන්දීය මධ්‍යම රජය ජම්මු කාශ්මීරයේ ස්වයං බලතල අහෝසි කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජම්මු කාශ්මීර දේශපාලන නායකයින් හමුවූ පළමු අවස්ථාව මෙය වනවා. ජම්මු කාශ්මීර මුස්ලිම් දේශපාලන නායකයින් නවදිල්ලියට පැමිණියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ඇරයුමකට අනුවයි.
දෙපාර්ශවය අතර පැය 3 ක කාලයක් සාකච්ඡා පැවති බව වාර්තා වනවා.
ඉන්දීය මධ්‍යම රජය 370 වැනි වගන්තිය අහෝසි කරමින් ජම්මු කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමෙන් පසු ප්‍රාන්තයේ සංවර්ධන කටයුතු සහ ඉදිරි දේශපාලන කටයුතු කෙසේ සිදුවිය යුතු ද යන්න පිළිබද මෙහිදි අවධානය යොමු කර තිබෙනවා.
The post ඉන්දීය අගමැති සහ ජම්මු කාශ්මීර දේශපාලන නායකයින් අතර හමුවක් appeared first on ITN News.
Post a Comment