ජනාධිපති විශේෂ පොදු සමාව යටතේ ඊයේ නිදහස් කළ සිරකරුවන් 96 දෙනාට එම සහනය හිමිවුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 34 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමිව තිබෙන බලතල අනුව බව බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන පාලන හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.
ඒ වගේම මෙසේ නිදහස් කළ කිසිවෙකුත් මීට පෙර වහලවල්මත නැගී විරෝධතාවල නිරතවූ අය නොවන බවයි චන්දන ඒකනායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේ.
ඊයේ ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කළා සේ තමන්ට ද නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින් මරණ දඩුවම හිමිවූ සිරකරුවන් පිරිසක් ආහාර වර්ජනයක නිරතව සිටිනවා. ඒ මහර බන්ධනාගාරයේ 74 දෙනෙකුත්, වැලිකඩ බන්ධනාගාරයේ සියයකට ආසන්න පිරිසකුත් වශයෙන්. මෙම සියලු දෙනා සමග බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සාකච්ඡා කර තිබෙනවා. එසේම මෙම සිරකරුවන් පිරිසට ද ඉදිරියේ දී ජීවිතාන්තය තෙක් සිරදඩුවම දක්වා මරණ දඩුවම ලිහිල් කිරීමට සාකච්ඡා කරමින් සිටින අතරවාරයේ මෙවැනි විරෝධතා පැවැත්වීම තුළින් ඊට බාධා එල්ලවන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කළේ.
ඉක්මනින්ම ලැබීමට ඇති සහනය ලබා ගැනීමට කටයුතු කරනවා විනා එය දික්කර ගැනීමට කටයුතු නොකරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
The post නිදහස ඉල්ලා වැලිකඩත්, මහරත් සිරකරුවන් සිර ගෙදර වහළයට නගී appeared first on ITN News.
Post a Comment