Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නවීකරණය කළ විශේෂ ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය සේවයට එක් කෙරේ  

Add comments

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කළ ඉල්ලීමකට අනුව කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් නවීකරණය කරන ලද විශේෂ ප්‍රතිකාර ඒකකය (High Dependency Unit) අද ( 25) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය සේවයට එක් කෙරිණි.

අවධානම් තත්වයේ පසුවන ඔක්සිජන් චිකිත්සාව අවශ්‍ය රෝගීන් විසි දෙනෙකු (20) සඳහා එකවර විශේෂ වෛද්‍ය උපකරණ මඟින් ඔක්සිජන් ලබාදී එම රෝගීන් අධීක්‍ෂනය කිරීමේ විශේෂ පහසුකම් සහිත මෙම විශේෂ ප්‍රතිකාර ඒකකයෙහි නවීකරණ කටයුතු සති 05ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් අවසන් කර කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත භාරදීමට නාවික හමුදාවට හැකි විය.

මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය, හිටපු වැඩ බලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු කොමදෝරු කමල් බෝම්බුගලගේ, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු එම්ජේආර්ආර් මැදගොඩ, කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලය ඇතුළු නාවික හමුදා නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.

The post දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නවීකරණය කළ විශේෂ ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය සේවයට එක් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG