Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපා සංගමයට යැවෙන තැපැල් භාණ්ඩ සඳහා වන බදු ප්‍රතිපත්තිය සංශෝධනයට  

Add comments

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන බදු ප්‍රතිපත්තිය ජූලි 01 වනදා සිට සංශෝධනය කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලිපි හැර සියළු තැපැල් භාණ්ඩ සදහා මෙම බදු ප්‍රතිපත්තිය අදාල වනු ඇති.

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් අයිතම සදහා අදාල ගමනාන්ත විසින් ක්‍රියාත්මක කරන වැට් බදු ප්‍රතිපත්කියට හා අනෙකුත් තීරු බදු ප්‍රතිපත්තීන්ට යටත් වනු ඇති.

එකී බදු ප්‍රතිපත්තිය අනුව යුරෝ 150 ට අඩු වටිනාකමකින් යුතු සියළු තැපැල් භාණ්ඩ සදහා යවන්නා විසින් යුරෝපා සංගමයට අදාල රට වෙත සෘජුව මෙම වැට් බද්ධ ගෙවිය යුතුයි.

එමෙන්ම යුරෝ 150 ට වැඩි තැපැල් භාණ්ඩ සදහා වු සියළුම බදු ගමනාන්තයේදි අදාල රේගුව විසින් භාණ්ඩය ලබා ගන්නාගෙන් අය කර ගැනිමට කටයුතු කරන බවද තැපැල්පතිවරයා ප්‍රකාශ කළා.

The post යුරෝපා සංගමයට යැවෙන තැපැල් භාණ්ඩ සඳහා වන බදු ප්‍රතිපත්තිය සංශෝධනයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG