Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,876ක්  

Add comments

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ පනස්දහසේ සීමාවට ආසන්නවී තිබෙනවා.

මෙරටින් කොරෝනා රෝගීන් 249,926 දෙනෙකු හදුනා ගැනෙද්දී ඒ අතුරින් 214,668 දෙනෙකු සුවය ලැබුවා. 32,444 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

ඊයේ දිනයේ ද ආසාදිතයින් 1,876 දෙනෙකු වාර්තා වුණා.

පෙරේදා දිනයේ සිදුවූ කොරෝනා මරණ 48 සමගින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,862 ක් දක්වා ඉහළ ගියා.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 නෙකුට මේ වනවිට ලබාදී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව 372,719 දෙනෙකුට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පහළොස් ලක්ෂ දෙදහස් නවසිය අසූපස් දෙනෙකුට ද එහි දෙවන මාත්‍රාව 487,893 දෙනෙකුට ද ලබාදී අවසන්. ස්පුට්නික් ෆයු එන්නතේ පළමු මාත්‍රාව 114,795 දෙනෙකුට ලබාදී තිබෙන අතර එහි දෙවන මාත්‍රාව 14,363 දෙනෙකුට ලබාදී තිබෙනවා.

කලල්ගොඩ නැගෙනහිර හා බටහිර යන කොට්ඨාසවල වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන් සදහා එන්නත් ලබාදීම අද සිදුකෙරෙනවා. එන්නත්කරණ වැඩපිළිවෙළ බොහෝදෙනාගේ ඇගයීමට ලක්වුණා.

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගිනුයි එන්නත්කරණ වැඩසටහන සංවිධාන කළේ.

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,876ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG