ගොවීන් කාබනික වගාවට හුරු වෙද්දි කාබනික පොහොර නිෂ්පාදනය ද රට පුරා ඉහළ යමින් පවතිනවා.
වව්නියාව ගොවිජන සේවා මධ්‍යස්ථාන 8 ක කාබනික පොහොර මෙට්‍රික් ටොන් 1600 ක් නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයෙන් සොයා ගන්නා ගිනිසීරියා, කෙසෙල්, ජපන් ජබර, සැල්වීනියා ආදී ද්‍රව්‍ය යොදා ගනිමින් ගොවි සංවිධානවල ශ්‍රම දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කෙරුණා.
කාබනික පොහොර හා කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන දිරිය කාන්තාවක පිළිබද හාලිඇල ඇටම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සිය සැමියාගේ ද සහය ඇතිවයි ඇය මෙම පොහොර නිෂ්පාදනය සිදු කරන්නේ. ප්‍රදේශයේ ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ලබා දීම ඇගේ අරමුණයි.
අරලගංවිල නිදන්වල ගම්මානයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නන්දිමිත්‍ර බලකාය මගින් දිනකට කාබනික පොහොර කිලෝග්‍රෑම් 30,000 ක් නිෂ්පාදනය කෙරෙනවා. වස විසෙන් තොර බෝග වගාවන් සිදු කිරීමේ රජයේ ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සදහායි මෙම නිෂ්පාදනය සිදු කෙරෙන්නේ. ප්‍රදේශයෙන් සපයා ගත හැකි අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිදු කෙරෙන මෙම පොහොර නිෂ්පාදනය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.
The post නන්දිමිත්‍ර බලකායෙන් දිනකට කාබනික පොහොර කිලෝග්‍රෑම් 30,000ක් appeared first on ITN News.
Post a Comment