කොළොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් රැගත් හෙලිකොප්ටර් යානාවට වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා.
කොළොම්බියා ජනාධිපතිවරයා කැටටුම්බෝ පළාතේ සිට එරට අගනුවර වන කුකුටා නගරය වෙත ගමන් ගනිමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි පණිවිඩයක් නිකුත් කරමින් ඔහු දන්වා සිටින්නේ. එම අවස්ථාවේ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ද හෙලිකෝප්ටර් යානාවේ රැදි සිටි බව සදහන්.
වෙඩි ප්‍රහාරයන්ගෙන් ජනාධිපතිවරයාට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර හෙලිකොප්ටර් යානාවට බුලට් ප්‍රහාර හේතුවෙන් හානි සිදුව තිබෙනවා.
ප්‍රහාර එල්ල කළ පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට නියෝග කර ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
කොළොම්බියා සහ වෙනිසියුලා දේශ සීමාවේ ක්‍රියාත්මක ෆාක් ගරිල්ලා කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක පළ කර තිබෙනවා.
The post කොළොම්බියා ජනාධිපති රැගත් හෙලිකොප්ටර් යානාවට වෙඩි ප්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment