ගින්න නිවීමෙන් අනතුරුව අද දහවල් පළමු වරට එහි මුදා ගැනීම් කටයුතු සිදුකල සිංගප්පුරු සහ නොර්වේ මුදාගැනීම් කණ්ඩායමේ සාමාජිකයින් සිව් දෙනෙකු MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ගොඩ වුණා.
එහිදී නෞකාවේ තත්ව පරීක්ෂණයක් සහ තක්සේරුවක් සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඡායාරූප කිහිපයක් සමගින් ට්විටර් පණිවිඩයකින් සදහන් කළේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සාමුහික ප්‍රයත්නයේ ප්‍රතිඵල ඡායාරුප වලින් විද්‍යමාන වන බවයි.
“සාගර් ආරක්ෂා මෙහෙයුම 2 සන්ධිස්ථානයකට ළඟා වේ. ගින්න නිවීමෙන් අනතුරුව ගිනි නිවීමේ කණ්ඩායම් MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ගොඩ වේ. තක්සේරු කිරීම් සිදු කෙරෙමින් පවතී. මෙම ඡායාරූප වලින් දිස් වන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් දැරූ උත්සහයේ ප්‍රගතියයි.”




The post මුදා ගැනීමේ මෙහෙයුම් සිදුකළ කණ්ඩායම ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි (PHOTOS) appeared first on ITN News.
Post a Comment