දෙමෝදර ඇල්ල කන්දෙ ඇතිවූ ගින්නෙන් අක්කර 10 කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා.
ලෝක ප්‍රසිද්ධ දෙමෝදර රේල් ගැටය සහිත බොන්ඩිල ගල කන්ද හා දෙමෝදර ජල පවිත්‍රාගාරයට ජලය සපයන ජලාශයට මැදිවයි මෙම කන්ද පිහිටා තිබෙන්නේ. ගින්න හේතුවෙන් එම කන්දේ තිබූ ශාක විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. එම කලාපයේ ජීවත් වූ සතුන් ද විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. දෙමෝදර ප්‍රදේශයේ පවත්නා වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යමින් පවතිනවා. මෙම ප්‍ර දේශය ආශ්‍රිතව නිරන්තරයෙන් ගිනි තැබීම් වාර්තා වන අතර මෙය ද එවැනි සිදුවීමක් විය හැකි බවටයි පොලීසිය සඳහන් කරන්නේ.
The post දෙමෝදර ඇල්ල කන්දෙ ගින්නකින් අක්කර 10කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශවෙයි appeared first on ITN News.
Post a Comment