Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසාද් සාලිගේ පෙත්සම සළකා බැලීම අගෝස්තු 10 දක්වා කල්යයි  

Add comments

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම අගෝස්තු 10 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

තමන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවාගැනීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමිනුයි හිටපු ආණ්ඩුකාරවරයා පෙත්සම ඉදිරිපත්කර තිබුණේ. මෙම පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැදවනු ලැබුවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාට අද දින අධිකරණයේ පෙනී සිටිමට නොහැකි බැවින් පෙත්සම සළකා බැලීම සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුවයි පෙත්සම සළකා බැලීම ලබන 10 වනදා දක්වා කල්තැබුණේ.

 

 

 

 

 

 

 

 

 

The post අසාද් සාලිගේ පෙත්සම සළකා බැලීම අගෝස්තු 10 දක්වා කල්යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG