Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තැරැව්කරු බදියුදීන්ගේ පවුල්වල මෙහෙකාර සේවයට දරුවන් 11ක් සපයලා!  

Add comments

රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් ඉද්දි පිළිස්සුම් තුවාල සහිතව දැරියක මියයාමේ සිද්ධිය වගේම ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ බිරිද ඇතුළු 4 දෙනා පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට ඉඩ ලබාදුන්නා.මන්ත්‍රීවරයාගේ නිවසේ තවත් ස්ත්‍රී දුෂණ සිදුවී ඇති බව පරීක්ෂණවලදී හෙළිවුණා.

කොළඹ අලුත්කඩේ අංක 2 අධිකරණයටයි මෙම සැකකරුවන් ඉදිරිපත් කර ඇත්තේ. මෙහෙකාර දැරිය පිළිස්සී මියයාම, කෘෘරත්වයට පත්කිරීම සහ තැනැත්තන් වෙළෙදාම යන චෝදනා මතයි මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ෂියාබ්දීන් අයේෂා, මාමණ්ඩිය වන මොහොමඩ් ෂියාබ්දීන් හා තැරැව්කරු වන පොන්නයියා පණ්ඩාරම් යන අය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලීසිය වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී ද සිල්වා මහත්මිය මෙම සැකකරුවන් අනිද්දා පෙරවරු 10 දක්වා පොලීසිය භාරයේ රදවාගෙන ප්‍රශ්න කිරීමට ඉඩ ලබාදුන්නා. එමෙන්ම මෙම නිවසේ මීට පෙර සේවය කළ විසිදෙවන වියේ පසුවන කාන්තාවක දූෂණය කිරීමේ වරදට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනා වන ෂියාබ්දීන් ඉස්මදීන් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 – 2019 කාලයේ රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍යවරයෙකුව සිටියදී ඔහුගේ නිල නිවසේදී මෙම දූෂණය සිදුව ඇති බව පරීක්ෂණවලදී හෙළිකර ගැණුනා.

මේ අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද කිරුළපන පොලීසිය ද සෙසු සැකකරුවන් තුන්දෙනා බොරැල්ල පොලීසියේ ද රදවාගෙන විමර්ශන සිදුකිරීමට අවසර හිමිවුණා.

දරුවන් ආරක්ෂාකර ගැනීම සදහා අලුතින් නීති සකස් කළ යුතු බවට බලකරමින් හැටන් නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණයි මෙය සංවිධාන කළේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ධනවතුන්ගේ නිවාසවල කුඩා දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඉදිරි දින කීපයේ දී එම නිවාස පරීක්ෂා කිරීමට කටයුතු කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසනවා. එවැනි දරුවන් සිටීනම් නිවැසියන් ද අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

සැකකාර තැරැව්කරුගෙන් ලබාගත් රුපියල් තිස්දහසක ණය මුදලක් හිලව් කිරීම සදහා මියගිය දැරියගේ මව සිය දියණිය තැරැව්කරුට ලබාදී තිබෙනවා. මෙම තැරැව්කරු මේ අයුරින්ම දරුවන් 11 දෙනෙකු බදියුදීන් පවුලේ විවිධ පාර්ශ්ව වෙත ගෙනැවිත් දී ඇති බව විමර්ශන වලදී හෙළිවී තිබෙන බවයි දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියාසිටියේ. එමෙන්ම මියගිය දැරියට බදියුදීන් මහතාගේ නිවසේ මුලුතැන්ගෙට පිටත අඩි හයේ හතරෙ ප්‍රමාණයේ ඉතා කුඩා කාමරයක නවාතැන් ගැනීමට ඉඩ ලබාදී ඇති අතර එම කාමරයේ විදුලි එළිය පවා නොතිබූ බවයි හෙළිවුණේ. නීතිය හදන ස්ථානයේ කටයුතු කරන පුද්ගලයෙකු ගෘහ මූලිකයා වූ නිවසක මෙවැනි සිද්ධියක් සිදුවීම කණගාටුදායක බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

 

The post තැරැව්කරු බදියුදීන්ගේ පවුල්වල මෙහෙකාර සේවයට දරුවන් 11ක් සපයලා! appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG