ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 224 කින් හමුවී ඇති කොරෝනා වයිරසය ආසාදනය වූවන් සංඛ්‍යාව හාරලක්ෂ අනූදහස ඉක්මවා ගියා.
කොරෝනා මරණ 8,194 ක් ඊයේ දිනයේ දී සිදුවූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. වැඩිම මරණ ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව 1,415ක්. ඉන්දියාවේ මරණ 1,080 ක් සිදුවුණා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ද හමුවී ඇත්තේ ඉන්දුනීසියාවෙන්. ඒ සමඟම ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 194,411,130 දක්වා ඉහළ ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,168,466ක්.
The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment